Saturday, November 14, 2015

මධු සමය ගෙවා ජීවිතය සොයා...

මධු සමය ගෙවා.. ජීවිතය සොයා.. යන..
නුඹ මට ඈතද.. කොයි තරම්...
තනිකම අවුදින් තනි රකින මගේ සිත..
අසරණ වූ හැටි මේ තරම්...

නුඹ හිනැහුනු හසරැලි මද නලේ..
මට ඇවිදින් ඇයි ඔච්චම් කලේ...//
මගෙ සුසුමන් හැංගුව වා තලේ..
කලු වළා නෙතු කඳුළු බිහි කලේ..

අද දවස ගෙවා.. හෙට හිරු පායන තුරු..
සිතුවිලි නිද්‍රාවට යවා..//
මා ඔබට මගේ මුලු දිවිය පවරමී...
එන්න මීවිත මා සොයා...

5 comments:

  1. ලස්සනයි කළු හංස
    හිහි ඒකත් මරු නම
    කළු හංස

    ReplyDelete
    Replies
    1. කළු හංස කළු හිම :)

      Delete
    2. නෑ නෑ කළු හංස... ස්නෝව් ට වැඩිය මං කැමති නෑ හිහි

      Delete
  2. ඔහුවෙතට,
    සුළග මට හුරු සුවද ගෙනගිය,
    සබද එනවාද,
    සුළග ගෙනගිය ඒ සුවද විත් රැගෙන,
    මන්ද ඔබ මාහා සිටින හැමවිටක,
    ඔබේ සුවද නොදෙනෙයි මට,
    හුරු සුවද හා මුසු නොවුණු කල...

    ReplyDelete