Saturday, March 28, 2015
පිලිකාව...
ඔබ සිටින බව නොදන්නා තරමටම මාගේ සිත නිවී යයි....
ජීවිතය හෙමි හෙමි ඔබ නතු කරගන්න බව නම් හැඟීයයි...
ඔබට අවනත වනු නියා වෙන කිසිත් ඇති බව නොම පෙනීයයි...
මා නිසා ජීවිතය ලද ඔබ මා පෙලන්නේ ඇයි නොතේරෙයි....
Tuesday, March 24, 2015
අබුද්දස්ස....
තුන් පිටකයම මතකින් කියවන්න ඇහැකි නොවරද්දා...
පන්සල් දෙක තුනක් ගමකට ඇත පිටිසර වුව හද්දා...
දන්සැල් දැනුත් ඇත වෙසඟෙට කරමින් හරියට සද්දා...
කොතැනක නමුත් සිදු වී ඇති බව පෙනෙනව යම් වරදා...
Friday, March 20, 2015
මීවිත සහ ජීවිත...
විතක් හෙමි හෙමින් හිස් වන...
සිතුම් දවන සිත පාරන...
මතින් බමන ගතින් දැවෙන....
හිරු සැඟවෙන අඳුර ගලන...
ආයෙත් තව හැන්දෑවක්.... දවස ගෙනල්ලා....
Saturday, March 14, 2015
පාතර් පංචාලි (Song of the Little Road)
විසිවන සියවසේ බිහිවූ අග්‍රගන්‍ය සිනමා අධ්‍යක්ෂක වරයකු වන සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරපු විශිෂ්ඨ සිනමා කෘතියක් ලෙස "පාතර් පංචාලි" හඳුන්වන්න පුලුවන්.
ඔබ පොත් කියවන කෙනෙක් නම්, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්තනය කරපු "මාවතේ ගීතය" කියවල ඇති. අන්න ඒ පොතේ මුල් කෘතිය ඇසුරින් තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නේ.
රායිගේ පළමු චිත්‍රපටිය වුනු, පාතර් පංචාලි (1955), කෑන්ස් සිනමා උළෙලේ දී (1956) ජාත්‍යන්තර සම්මාන 11 දිනාගන්න සමත් උනා. ඒ වගේම මෙය "අපූ" සිනමා ත්‍රිත්වයේ පලමු වැන්න ද වෙනවා.

Sunday, February 22, 2015
අම්මාවරුනේ...
ආදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතුවූ....
මෙහෙම කියන දූල පුතාල අතරෙ සමහර දියණියන්ට, පුතණුවන්ට වැදූ මවත් හැදූ පියත් අමතක වෙලා. මේ කියන කතාවේ අම්මලත් දූ පුතුන් ඉන්න අම්මලා. ඉතින් ඒ අම්මල තවමත් තමන්ගේ දූ පුතුන් එකනම් මේ විදිට බලන් ඉන්නව...
මෙහෙම කියන දූල පුතාල අතරෙ සමහර දියණියන්ට, පුතණුවන්ට වැදූ මවත් හැදූ පියත් අමතක වෙලා. මේ කියන කතාවේ අම්මලත් දූ පුතුන් ඉන්න අම්මලා. ඉතින් ඒ අම්මල තවමත් තමන්ගේ දූ පුතුන් එකනම් මේ විදිට බලන් ඉන්නව...
Saturday, February 21, 2015
බොරලැස්ගමුව දියත උයන... ශාරීරික ව්‍යායාමයට වැඩියමක්...
බොරලැස්ගමුව වැව වට කොට ඉදිකර ඇති මෙම දියත උයන අනෙකුත් ඒවාට වඩා පාරිසරික වශයෙන් වැදගත්. මේ දියත උයනෙ ඇවිදපු අය මේ දේවලුත් අත් දකින්න ඇති.....
පරිසරය සමඟ...
පරිසරය සමඟ...
Thursday, February 19, 2015
සෙංකොට්ටං...
කියවන්න වටින තවත් පොතක්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත මෙම නවකතාව ඒකාලයේ ලංකාවේ පැවති කුල ක්‍රමයත් එයින් සිදුවූ සමාජීය බලපෑම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කරනවා. කුඩා ලමයකු වටා ගෙතෙන මෙම නවකතාව එතැනින් ඔබ්බට යමින් ඒ කාලයේ පැවති සමාජය පිලිබඳවත් පුලුල් විග්‍රහයක් සිදුකරනවා. ලංකාවේ මෙවැනි සමාජයක් තිබුනාද කියල හිතෙන තරමට ඇතැම් කොටස් සංවේදීයි. මෙන්න මේ සම්මානත් සෙංකොට්ටං පොතට ලැබිල තිබුනා.
Subscribe to:
Posts (Atom)